තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාතික සභාවක් පත්කරන්න ජනපති එකඟයි - මෛත්‍රී

    ජාතික සභාවක් පත්කරන්න ජනපති එකඟයි – මෛත්‍රී

    සියලු පක්ෂවල නායකයන්ගෙන් සමන්විත ජාතික සභාවක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකගතාව පළකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

    ජාතික සභාවට නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා සහ ආමාත්‍ය මණ්ඩලය පත් කරගැනීම සඳහා වගකීම පැවරෙන බවද හෙතෙම කීය.

    සියලු පක්ෂවලින් සැදුම්ලත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනපති එකඟ වූ බවත් නව අගමැතිවරයකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය 15-20කට සීමා විය යුතු බවට සාකච්ඡා වූ බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම කීය.

    මේ අතර අන්තවාර ආණ්ඩුවක් පිහිටුවීමට සෙසු සියලු පක්ෂ එක් කර ගැනීමේ වගකීම තම කණ්ඩායම බාරගත් බව ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ වාසුදේව නානායක්කාර මහතා පවසයි.

    සාකච්ඡාවෙන් පසු අදහස් දක්වමින් හෙතෙම මේ බව කියාසිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img