fbpx
තවත්
    මුල් පිටුවspecialඉන්දියාව ගිනියම් වෙයි

    ඉන්දියාව ගිනියම් වෙයි

     

    ඉන්දියාවට මේවන විට ඉතා දරුණු උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපා ඇති බවත් එය දැඩි අවදනාම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වියහැකි බවද විද්‍යාඥයින් පෙන්වාදෙයි.

    එහෙත් ඉදිරි සති අන්තයේදී උෂ්ණත්වය තවත් ඉහළ යාමට හැකියාවක් පවතින බවද එය තවත් සෙල්සියස් අංශක 5ක පමණයක් අගයකින් ඉහළයාමක් වියහැකි බවද කාලගුණ විද්‍යාඥයින් පවසයි. ඒ අනුව මෙම තත්ත්වය ඉන්දියාවට මෙන්ම පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශ වලටද බලපෑ හැකි බවට වාර්තාවේ.

    එබැවින් මෙම උෂණත්වය ලෝක ජනගහනයෙන් සියයට 10ක පමණ බපෑමක් එල්ල කළ හැකි බවද කාලගුණ විශේෂඥයකු වන ස්කොට් ඩුකෑන් පේනවා දෙයි.

    මේ අතර නව දිල්ලියේ උෂණත්මව සෙල්සියස් අංශක 40 සීමාව ඉක්මවා සෙල්සියස් අංශක 50ට ආසන්න විමටද ඉඩ පවතින බවද විශේසඥයින් පෙන්වාදෙයි. එහෙත් මෙම උණුසුම් කාලගුණ තත්ත්වයේ බලපෑම වඩාත් වර්ධණය විය හැකිය. ඒ අනුව මෙම උණුසම් තත්ත්වය රාත්‍රියට නොනිදන උණුසුම් තත්ත්වයක් බවද කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙයි.

    අවිනිෂ්චිත රාත්‍රි කාලය

    විද්‍යාඥයින් පෙන්වා දෙන අකාරයට රාත්‍රි කාලයේදීද උණුසුම් තත්ත්වය සෙලස්යිස් අංශක 30 අගයෙන් පහළ බැසීමක් සිදු නොවනු ඇත. ඒ අනුව රාත්‍රිය පුරාද අධික උණුසුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් ශරීර උෂ්ණත්වය යථා තත්ත්වයට පැමිණීමට නොහැකිවනු ඇති බවත් එය දැඩි අවදානම්කාරි බවද විශේසඥයින් පවසයි.

    මෙහිදී බිලියනකට අධික ඉන්දීය ජනගහනයෙන් වැඩි කොසකට වායසමණය කිරීමේ යන්ත්‍ර හෝ උෂණත්වය පාලනය කරගැනීමට හැකියවක් නොමැති බැවින් ඔවුන්ට එය ජීවිත තර්ජන ඇති කිරීමට තරම් බරපතල තත්ත්වයක් විය හැකි බවද විශේසඥයින් සඳහන් කරයි.

    ඒ අනුව මෙම අධික උෂ්ණත්ව තත්ත්වය රෝගී සහ වයස්ගත ජනතාවට දැඩි බලපෑමක් එල්ල කිරීමේ හැකියාවක්ද පවතී.

    මේ අතර ඉන්දියාවේ බාමර් නගරයේ මේවන විටත් සෙල්සියස් අංශක 45කට අධික උෂ්ණත්වයක් වාර්තාවන අතර පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශ වලද අධික උෂ්ණත්වයක් වාර්තාවී තිබේ.

    වසර 122කට පසු බලපෑ අධික උෂණත්වය

    මෙම කාලය තුලදී සාමන්‍යයෙන් මාර්තු සහ අප්‍රේල මාස වලට බලපාන මටම්මට වඩා ඉහළ උෂ්ණත්වයක් වාර්තාවේ. ඒ අනුව මෙම වසරේ මාර්තු සහ අප්‍රේල් මාස වල වාර්තා වූ උෂ්ණත්වය පසුගිය වසර 122ක කාලය තුල වාර්තා වූ ඉහළම උෂණත්වය බවද ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    මාර්තු මාස 11න් පසු ඉන්දියාවේ ප්‍රාන්ත 15කට මෙම අධික උෂ්ණත්වය බලපා ඇති අතර එහිදී මාධ්‍ය ප්‍රදේශය සහ රාජස්ථාන් යන ප්‍රාන්ත වලට වැඩිම බලපෑමක් එල්ලවී ඇත.

    මෙම උණුසම් තත්ත්වය මෝසම් සක්‍රීයවන තෙක් බලපානු ඇති අතර එතෙක් මම තත්ත්වයෙන් ඉන්දියානුවන්ට පීඩා විදීමට සිදුවනු ඇති බවද විශේසඥයින් පෙන්වා දෙයි.

    තවදුරටත් වර්ධනය වන ඉන්දීය උණුසුම් කාලගුණය

    ඉදිරියේදී තවත් අධික උණුසුම් කාලගුණ තත්ත්වයන් ඉන්දියාවට බලපෑමට ඉඩ පවතින බව විද්‍යාඥයින් පෙන්වාදෙයි.

    ‟ඉදිරියේදී ඉන්දියාවට බලපෑ හැකි උණුසුම් කාලගුණ තත්ත්ව මීටත් වඩා දරුණවෙන්න පුළුවන්. එහිදී ඉතාම දරුණු දේශගුණ විපර්යාස තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්” යනුවෙන් මහාචාර්ය එල්ෆාටිත් එල්තාහිරි පෙන්වා දෙයි.

    එසේම ලොව දේශගුණ විපර්යාසවලින් වැඩිම බලපෑමකට ලක්විය හැකි රාජ්‍යක් වන්නේ ඉන්දියාවයි. එක්සත් ජාතීණ්ගේ දේශගුණ විපර්යාස අධිකාරිය සහ අන්තර් රාජ්‍ය දේශගුණ විපර්යාස මණ්ඩලය විසින්ද මේබව ප්‍රකාශකර තිබේ.

    ඒ අනුව මෙතෙක් කතා බහට ලක්වූ දේශගුණික විපර්යාස තවුරටත් අනාගත සිදුවීමක් නොවන අතර එහි බලපෑම් මේවන විටත් ලොව පුරා දැකගැනීමට හැකියව පවතී. කෙසේ වෙතත් මේ මොහොතේ සිට පාරිසරය ආරක්ෂා කරගැනීමට පෙරමුණ ගතහොත් එම තත්ත්වය යම්තාක් දුරකට පාලනය කරගැනීමට හැකිවනු ඇත.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.