fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සියලුම ආර්ථික මධ්‍යස්ථාන අනිද්දට පාළුවෙයි

    සියලුම ආර්ථික මධ්‍යස්ථාන අනිද්දට පාළුවෙයි

    සියලුම ආර්ථික මධ්‍යස්ථානවලට අනිද්දා (28) එළවළු බෙදාහැරීම සිදුනොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසයි.

    එහි සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් ඇතුළු පිරිස් සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් එදිනට එළවළු තොග එවීමට කටයුතු නොකරන ලෙසට කොළඹ මැනිං වෙළඳපොල ඇතුළු,ආර්ථික මධ්‍යස්ථාන තමන්ගෙන් ඉල්ලා ඇති බවයි.

    ඒ අනුව අනිද්දා දිනයේදී එළවළු තොග බොදාහැරීම සිදුනොකරන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.