තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසාවියෙන් පැන්නූ බව කියන කෝටියක කුඩුත් එක්ක සැරයන් අත්අඩංගුවට

    උසාවියෙන් පැන්නූ බව කියන කෝටියක කුඩුත් එක්ක සැරයන් අත්අඩංගුවට

    රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් ඇති හෙරොයින් ග්‍රෑම් 750 ක් සමඟ ගොතටුව පොලිසියේ සැරයන්වරයෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    වැල්ලම්පිටියේ කළ වැටලීමකදී හෙරොයින් ග්රෑම් 45ක් සමග ඊයේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයාට මත්ද්‍රව්‍ය ලද ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දීමෙම සැරයන්වරයා ගැන තොරතුරු හෙළිවී ඇත. එහිදී උපක්‍රමශීලී වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් සැකකරු මගින් සැරෙන්වරයාට දුරකථන ඇමතුමක් දෙමින් තවත් හෙරොයින් තොගයක් ඉල්ලා තිබේ.

    එවිට ඔහුහෙරොයින් ග්‍රෑම් හත්සිය පනහක් රැගෙන පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී සැරෙන්වරයා පවසා ඇත්තේ කොළඹ පිහිටි අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාව බාර ලිපිකරුවකුගෙන් තමාටම හෙරොයින් තොගය ලැබුණු බවය. මේවට එම ලිපිකරුවා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img