තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් කැබිනට්ටුව අමතා ජනපති කළ සම්පූර්ණ කතාව අද රෑට

    අලුත් කැබිනට්ටුව අමතා ජනපති කළ සම්පූර්ණ කතාව අද රෑට

    අද දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව අද (18) රාත්‍රී 7.30ට සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රී යන මහත්වරුන් දැරූ අමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදුනොවිණ.

    කෙසේවෙතත් අලි සබ්රි, ජී.එල්.පීරිස් යන අමාත්‍යවරුන් සමඟ මීට පෙර පත්කරන ලද අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ අමාත්‍ය ධුර වෙනස් වී තිබේ.

    මහාමාර්ග අමාත්‍ය ධුරය දැරූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කැබිනට් ඇමති මණ්ඩලයෙන් ඉවත් කර ඇත.

    එහිදී අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ දිනේෂ් ගුණවර්ධන මහතාට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ධුරය පිරිනමා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img