තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කබ්රාල්ට රට ගමන් බැහැ - මැයි 02 උසාවියේ පෙනී සිටින්නැයි දැනුම් දෙයි

    කබ්රාල්ට රට ගමන් බැහැ – මැයි 02 උසාවියේ පෙනී සිටින්නැයි දැනුම් දෙයි

    හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබන මැයි 02 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද සිතාසි නිකුත් කළේය.

    ඒ මහතා වෙත මේ වන විට පනවා ඇති විදෙස් ගමන් තහනමද අධිකරණය එදින දක්වා දීර්ඝ කර තිබේ.

    මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අවධියේ සිදුකලේ යැයි කියන චෝදනාවන් සම්බන්ධයෙන් අජිත් නිවාඩු කබ්රාල් මහතා සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාරවරයෙක් වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කර ඇති පුද්ගලික පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img