තවත්
    මුල් පිටුවspecialචීන අභ්‍යවකාශ ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක්

    චීන අභ්‍යවකාශ ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක්

     
    චීනයේ, මිනිසුන් සහිත ශෙන්චෞ 13  (Shenzhou 13) යානයේ අභ්‍යවකාශ  මෙහෙයුම සාර්ථකව අවසන් කෙරේ. බෙයිජිං වේලාවෙන් අද (16) පෙරවරුවේ 9.56ට මිනිසුන් සහිත එම අභ්‍යවකාශ යානය සාර්ථකව යළි පෘථිවියට පැමිණියේය.

    එහි රැඳී සිටි, චයි චිගං සහ යී ග්වංෆු ගගනගාමීන් දෙදෙනාගේ සහ වං යාපිං ගගනගාමිනියගේ ශරීර සෞඛ්‍යය යහපත් තත්ත්වයක පවතින බව, සෞඛ්‍ය නිලධාරීන් තහවුරු කර ඇත.

    ශෙන්චෞ 13 අභ්‍යවකාශ යානය, පසුගිය වසරේ ඔක්තෝබර් 16 වැනිදා බටහිර චීනයේ ජිවුචුවාන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශය වෙත යවා කක්ෂගත කෙරිණ. ඉන්පසු මේ ගගනගාමීන් තිදෙනා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ටියැන්හ නමැති ප්‍රධාන මොඩියුලයට ඇතුළු වූ අතර, ඔවුහු එහි මාස 6ක කාලයක් රැඳී සිටියහ.

    මෙය චීන ගගනගාමීන් තනි මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශයේ ගත කළ වැඩිම කාලයයි. මෙම මෙහෙයුම සාර්ථකව අවසන් වීම, ප්‍රබල සන්ධිස්ථානයක් ලෙස   චීන අභ්‍යවකාශ ඉතිහාසයට එක්වෙයි

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img