තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ ගුවන්තොටෙන් දේශපාලකයෙක් රටින් ගියාද?

    කොළඹ ගුවන්තොටෙන් දේශපාලකයෙක් රටින් ගියාද?

    රත්මලානේ පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරට දේශපාලන ප්‍රභූවරයකු රටින් බැහැරව ගිය බවට පැතිරයන කටකතා සම්බන්ධයෙන් ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රි ලංකා) (පුද්ගලික) සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ පවසන්නේ අද දින සිය ගුවන්තොටුපලෙන් පුද්ගලික ජෙට යානයකින් ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රභුවරයකු රටින් බැහැර වූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.

    ඒ පිළිබඳ පහත නිවේදනය කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ විසින් නිකුත් කර තිබේ.

    “2022 අප්‍රේල් 16 වන දින එනම් අද දින කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ, රත්මලාන සිට පුද්ගලික ජෙට් යානයකින් ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රභූවරයකු රටින් බැහැරව ගිය බවට සමාජ මාධ්‍ය ජාල හරහා පැතිර යන කටකතාව ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම තරයේම ප්‍රතික්ෂේප කරයි.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img