තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් සිලින්ඩර් හංගන් සිටි අයෙක් තොගය එක්කම දැලේ

    ගෑස් සිලින්ඩර් හංගන් සිටි අයෙක් තොගය එක්කම දැලේ

    අනවසරයෙන් ගෑස් සිලින්ඩර තොගයක් රැස් කර සඟවා තබාගෙන සිටි සැකකරුවකු හා ගෑස් සිලින්ඩර් 233ක් ඊයේ ගිනිගහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (15) උදෑසන කාලයේදි ගිනිගත්හේන පොලිස් වසමේ ගල්පොතුයාය ප්‍රදේශයේ නිවසක නිසි අවසර පත්‍රයක් නොමැතිව නීති විරෝධීව ගෑස් සිලින්ඩර් තොගයක් සඟවා ඇති බවට ගිනිගහේන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන සිදු කර ඇත.

    ඒ අනුව පොලිසිය විසින් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් ද කැඳවා ඔවුන්ගේ ද සහය ඇතිව අදාල නිවස පරීක්ෂා කර බලා තිබේ.

    එහිදී බලපත්‍ර රහිතව අනවසරයෙන් සඟවා තිබූ විවිධ ප්‍රමාණයේ ලිට්‍රෝ වර්ගයේ පුරවන ලද ගෑස් සිලින්ඩර් 230 ක් හා හිස් ගෑස් සිලින්ඩර් 03 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක් වූ ගල් පොතුයාය, බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෙම නඩුව 2022.04.19 වන දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිතය.

    සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු පාරිභෝගික සේවා අධිකාරිය මගින් සිදු කරනු ලබයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img