fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති හා ඉල්ලා අස්වූ කැබිනට් ඇමතිවරු අතර හමුවක් හෙට

    ජනපති හා ඉල්ලා අස්වූ කැබිනට් ඇමතිවරු අතර හමුවක් හෙට

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉල්ලා අස්වූ කැබිනට් අමාත්‍යවරුන් අතර හමුවක් හෙට පස්වරු 5.00ට කොළඹ, කොටුවේ පිහිටි ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

    මේ අතර හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු නව කැබිනට් මණ්ඩලයේ පත්වීම් භාර නොගැනීමට තීරණය කර ඇතැයිද එම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ වෙනුවෙන් තරුණ මන්ත්‍රීවරුන්ට ඉඩ සලසා දිය යුතු බවත් තමන් ජේෂ්ඨ අමාත්‍යවරුන් ලෙස පසුපෙල හිදිමින් රජයට උපකාර කරන බවයි එම හිටපු අමාත්‍යවරුන් දැනටමත් ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයිද වාර්තාවේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.