fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීට්‍රෝ ගෑස් ලබන සතියේ සිට යළිත්

    ලීට්‍රෝ ගෑස් ලබන සතියේ සිට යළිත්

    ලබන 18 වැනි දින නැවත ගෑස් නිෂ්පාදන කටයුතු ආරම්භ කරන බව ලීට්‍රෝ සමාගම පවසයි.

    ලිට්රෝ ගෑස් නිෂ්පාදනය හා බෙදාහැරීම අප්‍රේල් මස 13 වන දින දක්වා සිදුකෙරුණු අතර අනතුරුව නතර විය.

    ඒ හේතුවෙන් මේ වන විට ගෑස් තොග අවසන්වී ඇත.

    කෙසේවෙතත් අවශ්‍ය ඩොලර් ප්‍රතිපාදන ලැබෙමින් පවතින බැවින් ගෑස් නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගත් බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    එම නිවේදනය පහත දැක්වේ.

    ලිට්රෝ ගෑස් නිෂ්පාදනය හා බෙදාහැරීම අප්‍රේල් මස 13 වන දින දක්වා සිදුකෙරුණු අතර අප්‍රේල් මස තුළ පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 800,000 වෙළඳපොළට නිකුත් කරනු ලැබීය. කර්මාන්තශාලා රෝහල් සහ හෝටල් සඳහා ද ඇතුළුව 11,000 MT අප්‍රේල් මාසය තුළ බෙදාහැරීම සිදු කරන ලදි.

    මේ වන විට ගෑස් තොග අවසන්වී ඇති නමුත් අප්‍රේල් මස 18 වැනි දින නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇත.

    පෙබරවාරි සහ මාර්තු මාසයන්හි ණයවර ලිපි නිකුත් කිරීම සඳහා ඩොලර් නොමැතිවීම හේතුවෙන් අවශ්‍ය ගෑස් ප්‍රමාණයන් ලබා ගැනීමට බාධා පැමිණ වූ අතර තරගකාරී ආයතනයෙහි ගෑස් නොමැතිවීම උත්සව සමයේ ඉල්ලුම වැඩිවීම වෙළෙඳපොළ හිඟයක් නිර්මාණය වීමට හේතු වී තිබේ. තවද පෙබරවාරි මස සිට ලෝක වෙළඳ පොළේ මිල ඉහළ යාම හා ඩොලරයේ රුපියල් 335 දක්වා ඉහළ යාම, ඉන්ධන මිල 60% කින් ඉහළ යාම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ යා යුතුව තිබූ නමුත් මිල ඉහළ නොදැනීම හේතුවෙන් මාර්තු මස පමණක් රුපියල් මිලියන 2600 ක අලාභයක් ලිට්රෝ ආයතනයට දැරීමට සිදු විය.

    මේ වන විට රජයේ මැදිහත්වීම හා ලෝක බැංකු ආධාර IME යටතේ ගෑස් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රතිපාදන ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින අතර මේ වන විට ඩොලර් මිලියන 10 ලබා ගැනීමට හැකි වී ඇත.

    මේ යටතේ ඉදිරියේදි 8500 MT තොග ලංකාවට ලැබීමට නියමිතයි. නිෂ්පාදන කටයුතු යථා තත්ත්වයට පත්වීම සඳහා සඳහා අවශ්‍ය ගෑස් තොග ලැබෙමින් පවතින අතර අප්‍රේල් 18 වෙනි දින නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කරනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.