තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මත්කුඩු ටොන් බාගයකට වැඩියෙන් මාස හතරට අල්ලයි

    මත්කුඩු ටොන් බාගයකට වැඩියෙන් මාස හතරට අල්ලයි

    ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මහා මුහුදේදී කළ වැටලීම් වලින් මෙම වසරේ මෙතෙක් හෙරොයින් කිලෝ 673 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    ඒ ගැඹුරු මුහුදේදී අල්ලාගෙන ඊයේ ගොඩබිමට රැගෙන පැමිණි හෙරොයින් කිලෝ 330 හා අයිස් කිලෝ 09 ද සමඟිනි.

    මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ ඩුබායි හී රැදී සිටින ඡාවාරම්කරුවෙක් බව මේ වන විට හදුනා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත්ව ඇත.

    මෙම වසරේ මෙතෙක් පොලිස් ගෙවී ගිය කාලය තුළ ශ්‍රී ලංකා පොලීීසිය මත්ද්‍රව්‍ය නඩු 4616 ක් පවරා ඇති අතර වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය වැරදිකරුවන් ගණණ 4890 දෙනෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

    පසුගිය 2021 වසරේ කළ වැටලීම් වලින් හෙරොයින් කිලෝ 1630 යි ග්‍රෑම් 103ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය වලින් කිලෝ 759 ක්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නිවාක හමුදාව විසින් කළ ඒකාබද්ධ වැටලීම් වලිනි.

    2021 වසරේදී මත්ද්‍රව්‍ය නඩු 51043 ක් පවරා ඇති අතර අත්අඩංගුවටගත් සැකකරුවන් ගණන 50077 දෙනෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img