තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවුලෙන් ගොඩඑන්න දෙමළ පක්ෂවලින් යෝජනාවක්

    අවුලෙන් ගොඩඑන්න දෙමළ පක්ෂවලින් යෝජනාවක්

    රටේ මේ වනවිට පවතින අර්බුදය විසදීමට නම් අසීමිත බලයක් සහිත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස උතුරේ දේශපාලන පක්‍ෂ යෝජනා කරයි.

    ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් දෙමළ දේශපාලන පක්‍ෂ හයක් ආණ්ඩුවෙන් මෙම ඉල්ලීම කර තිබුණි.

    පාර්ලිමේන්තුවට බලතල ලැබෙන ක්‍රමයකට මාරුවීම එකම විසදුම බව ඔවුන් අවධාරණය කර සිටී.

    මතුව ඇති නොසන්සුන්කාරී වටපිටාව සමනය කිරීමටත්, මොහොතින් මොහොත උග්‍ර වන ආර්ථික අර්බුදය පාලනය කිරීමටත්, ඉන් හැකි වනු ඇති බව උතුරේ දේශපාලන පක්‍ෂ පෙන්වා දෙයි.

    මතුව ඇති දේශපාලන හා ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව වන්නේ තනි පුද්ගලයෙකු විසින්  රටේ පාලන බලය අතට ගෙන සිටීම බව ඔවුන් පවසයි.

    ඉලංගෙයි තමිල් අරසු නායක මාවෙයි සේනාධිරාජා, දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේශ්වරන්, තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්, ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, තමිල් ඊළාම් ජනතා විමුක්ති සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්, දෙමළ ජාතික පක්ෂයේ නායක එන්.ශ්‍රීකාන්තා ඇතුළු පක්‍ෂ නායකයන්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img