fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPසම්මානය අතේ තියන් ලංකාවේ අර්බුදය ගැන හිරාන් ලෝකෙටම කී දේ..

    සම්මානය අතේ තියන් ලංකාවේ අර්බුදය ගැන හිරාන් ලෝකෙටම කී දේ..

    බ්‍රිතාන්‍යයේ පැවැති ලෝරන්ස් ඔලිවියර් – 2022 සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය හිමි කරගත් ශ්‍රී ලාංකික රංගන ශිල්පී හිරාන් අබේසේකර මහතා සම්මානය ලබා වේදිකාවේදි කරන ලද ප්‍රකාශය මේ වන විට ලොව පුරා අවධානය දිනාගෙන තිබේ.

    ඒ ඊයේ (10) රාත්‍රි එංගලන්තයේ, ලන්ඩන් නුවර රෝයල් ඇල්බර්ට් ශාලාවෙහි පැවති සම්මාන උළෙලේදී ය.

    වේදිකා නාට්‍ය සදහා ඇගයීම් ලබාදෙන Olivier Awards හි Best Actor සම්මානය,
    ලංකාවේ වේදිකා නාට්‍ය නළුවකු විසින් යුරෝපයේදී ලද ඉහලම ජාත්‍යන්තර සම්මානයයි.

    ඔහු මෙම සම්මානය දිනා ගත්තේ, යාන් මාර්ටෙල් විසින් රචිත ‘ලයිෆ් ඔෆ් පයි’ නවකතාවේ ලොලිටා චක්‍රබර්ත් නිර්මාණය කළ වේදිකා නාට්‍යය වෙනුවෙනි.

    එහිදී හිරාන් කියාසිටියේ ශ්‍රී ලංකාව මේ මොහොතේ ඉතා අසීරු අවධියක් පසුකරමින් සිටින බවත්, මේ මොහොතේ ශ්‍රී ලාංකිකයන් සමඟ සිටීමට තිබුණා නම් යනුවෙනි.

    “මගේ රට ශ්‍රී ලංකාව, මේ වෙද්දී අමාරු කාලයක් ගත කරමින් ඉන්නේ. මම ඔබ ගැන හිතනවා. මට ඔබ සමග එහි සිටියා නම් හොඳයි කියලා හිතෙනවා. මචං මම උඹලට ආදරෙයි. ජය වේවා..!”

    ලන්ඩනයේ වෘත්තීය රංග කලාවේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා ලන්ඩන් රඟහල සංගමය විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල පවත්වනු ලබයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.