තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැස්ස නිසා ජල විදුලි සැපයුම ඉහළ ගිහින්

    වැස්ස නිසා ජල විදුලි සැපයුම ඉහළ ගිහින්

    සති අන්තයේ ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලි සැපයුම සමස්ත ඉල්ලුමෙන් 29%ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    “වැස්සත් එක්ක දැන් ජල විදුලි නිෂ්පාදනය 29%ක් විතර වැඩිවෙලා තියෙනවා ඒක ලොකු සහනයක්. පසුගිය දින දෙක තුළ අපගේ ජල සංචිතවලට හොඳ වර්ෂාපතනයක් ලැබෙන බව අපි දුටුවා. නමුත් තවමත් අපව අර්බුදයෙන් පිටතට ගැනීමට එය ප්‍රමාණවත් නෑ” ලංවිම ප්‍රකාශක ඇන්ඩෲ නවමනි ඊයේ පැවසීය.

    ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක කියා සිටියේ දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය “වැඩිදුර ජල විදුලිය උත්පාදනය කිරීමේ හැකියාව වැඩි කරන” බවයි.

    විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, සහ පොල්පිටිය ජල විදුලි බලාගාරවලට ජලය සපයන මාවුස්සාකැලේ සහ කාසල්රි පෝෂක ප්‍රදේශවලට පසුගිය සිකුරාදා (8) පස්වරුවේ සිට අධික වර්ෂාවක් ඇද හැලෙමින් පවතී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img