තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුදල් මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙක් ගැන මහබැංකු අධිපතිවරයා කී දේ

    මුදල් මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙක් ගැන මහබැංකු අධිපතිවරයා කී දේ

    මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත්කරන ලද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රානි ජයමහ මහත්මිය මුදල් මණ්ඩලයේ අඛණ්ඩව සේවය කිරීමට එකඟවීම ගැන ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ලෙස තමා ඉමහත් සතුටට පත්වන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

    ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

    එහි සඳහන් කර ඇත්තේ ඔවුන් පෙරදී මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සෑම විටම ඉතා ස්වාධීනව, අපක්ෂපාතීව, වෘත්තීමයභාවය ආරක්ෂාකර ගනිමින්, කාර්යක්ෂමව ක්‍රියාකර ඇති අර, මහා බැංකුවේ සියළුම කටයුතු සඳහා ඉතා ධනාත්මකව දායක වී ඇති බවය.

    ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිඳ පූර්ණ විශ්වාසයක් තමාට පවතින බැවින් ඔවුන්ගේ අඛණ්ඩ දායකත්වය සහ අගනා මඟපෙන්වීම ජාතියටත් මුදල් මණ්ඩලයටත් අධිපතිවරයා ලෙස තමාටත් ලබා ගැනීම බලාපොරොත්තු වන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහි වැඩිදුරටත් සඳහන්කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img