තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන ගන්න ආ දෙදෙනෙක් මිය යති

    ඉන්ධන ගන්න ආ දෙදෙනෙක් මිය යති

    දංකොටුව සහ තඹරවිල පිහිටි ඉන්ධන පිරවුම්හල් දෙකකදී ඉන්දන ලබාගැනීමට පැමිණ සිටි දෙදෙනෙක් ඊයේ දිනයේ මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    දංකොටුව මීගමුව ප්‍රධාන මාර්ගයට සම්බන්ධවන ස්ථානයේ පිහිටි ඉන්ධන පිරවුම්හල අසල දින දෙකක් තිස්සේ ඉන්ධන ලබාගැනීමට රැඳී සිටි බස් රථ රියදුරෙක් සහ දංකොටුව මාර්ගයේ තඹරවිල පිහිටි ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන ලබාගැනීමට පැමිණි රියදුරෙක් මෙසේ මියගොස් තිබේ.

    බස් රථ රියදුරු එච්.ඒ. චමින්ද පුෂ්පකුමාර නැමැති අයෙකි. ඔහු ඇඟළුම් කම්හල් සේවකින් ප්‍රවාහනය කරන බස් රථයක රියදුරුවරයෙකි. ඔහු පන්නල ගෝනවිල පදිංචිකරුවෙනි. පොලීසිය සඳහන් කරනුයේ රාත්‍රී 7.30 ට පමණ ඔහු ඇද වැටී මියගොස් ඇති බවය.

    තඹරවිල ඉන්ධන පිරවුම්හල අසලදී මිය ගොස් ඇත්තේ මුහම්මදු සරිෆ්දීන් නැමැති අයෙකි. සිය මෝටර් රථයට ඔහු ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව මෝටර් රථයට හුළං ගසා ගැනීමට ගිය අවස්ථාවේදී රියදුරු අසුනේදීම මියගොස් තිබේ. ඔහු මීගමුව කොච්චිකඩේ පදිංචිකරුවෙකි.

    මෙම මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද පැවැත්වීමට නියමිතව ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img