තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මන්ත්‍රීලා දෙදෙනෙක් මැතිසබෙන් ඉවතට

    මන්ත්‍රීලා දෙදෙනෙක් මැතිසබෙන් ඉවතට

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව පිළිබඳ විවාදයේදී අද (08) පාර්ලිමේන්තු කටයුතු දෙවරක් තාවකාලිකව කල් තැබීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සිදුවිය.

    ඒ මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ නොසන්සුන්කාරී හැසිරීම හේතුවෙනි.

    ඒ අනුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන චමින්ද විජේසිරි සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 79ට අනුව තාවකාලිකව සභා ගර්භයෙන් ඉවත් කිරීමට කථානායකවරයා නියෝග කළේය.

    වැදගත් විවාදයක් පැවැත්වෙන අතරවාරයේදී මන්ත්‍රීවරුන් දෙදෙනකු මෙවැනි හැසිරීමක් සිදුකිරීම කනගාටුවට කරුණක් බවද කථානායකවරයා සභාවට ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තු සැසිවාරය අද උදෑසන 10.00ට ආරම්භ වූ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය අද රාත්‍රී 8.00 දක්වා පැවැත්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img