fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආණ්ඩුව ජනමතයට සවන් නොදුන්නොත් සජබෙන් විශ්වාසභංගයක්

    ආණ්ඩුව ජනමතයට සවන් නොදුන්නොත් සජබෙන් විශ්වාසභංගයක්

    “ජනමතයට සවන්දෙන්න, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න, මේ ක්‍රියාමාර්ග ගන්නේ නැත්නම්, අපට සිද්ධ වෙනවා විශ්වාසභංගයකට ප්‍රවේශ වෙන්න” යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

    දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් විපක්ෂනායකවරයා මෙසේද කීය.

    “ඔබතුමාලට මම නැවත වතාවක් කියනවා, ජනතාවට සවන් දෙන්න. ජනතාවගේ ඉල්ලීම මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ කණ්ඩායමම ඉවත් වෙන්න ඕන. මේක තමයි ජනතාවගේ හඬ. ඒක තමයි ජනතාවගේ ඉල්ලුම. හැබැයි ජනතාවගේ ඉල්ලුම එකක්, මේ වායුසමීකරණ කරපු කාමරය ඇතුලේ ඉඳගෙන කණ්ඩායමක් ඒකට ප්‍රතිවිරුද්ධ ව ගමන් කරන්නට උත්සාහ දරනවා. මේ අවස්ථාවේ මම දේශපාලන විචාරකයෙක් වන පේන් කියන විචාරකයා කියලා තියෙන දෙයක් කියනවා, “Either lead, follow or get out of the way”. ඒ කියන්නේ, “එක්කෝ නායකත්වය දෙන්න. එහෙම නැත්නම් අනුගාමිකයෙක් වෙන්න. එහෙම නැතිනම් අයින් වෙන්න.”

    ජනමතයට සවනදෙන්න. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. මේ ක්‍රියාමාර්ග ඔබලා ගන්නේ නැත්නම්, අපට සිද්ධ වෙනවා ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ගයකට, විශ්වාසභංගයකට ප්‍රවේශ වෙන්න. ඒක බොහොම පැහැදිලියි.

    ඒක ගෙන්නම් වෙලාවා. හැබැයි මේ 225ට යුතුකමක් තියෙනවා, ඔබතුමාලා පැරෂුට් එකෙන් නෙවෙයි ආවේ. මහජන මතයෙන් ආවෙ. ඒක අමතක කරන්න හොඳ නෑ. 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නු ජනාධිපතිවරයෙක්. 68 ලක්ෂයක් ඡන්දෙ දුන්නු ආණ්ඩුවක්. ඒකත් සමහරුන්ට අමතක වෙලා.

    තමුන්නාන්සේලා ගහෙන් කඩන් වැටුනේ නෑ. ජන සම්මතවාදයෙන් ආවේ. ආපහු තම තම ආසනවලට යන්න, ජනතාවට මුහුණ දෙන්න පුළුවන් ආකාරයට තීන්දු තීරණ ගන්න.” යයිද විපක්ෂනායකවරයා කීය.

    එමෙන්ම රට වැටී ඇති අර්බුදයෙන් ගොඩගැනීම උදෙසා පියවර 9කින් යුක්ත විසදුම් මාලාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරනු ලැබීය.

    ණය පැහැර හැරීම් වලක්වා ගැනීමේ සිට පවත්නා වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒම දක්වා ක්‍රමානුකූල විසදුම් මාලාවක් එහි අන්තර්ගත විය.

    විපක්ෂ නායකවරයාගේ ඉහත කරුණු දැක්වීම් ඇතුළත් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.