තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොදු පෙරමුණේ 12ක් ස්වාධීන වන බවට අනුර ප්‍රියදර්ශනගෙන් ලැයිස්තුවක්

    පොදු පෙරමුණේ 12ක් ස්වාධීන වන බවට අනුර ප්‍රියදර්ශනගෙන් ලැයිස්තුවක්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 12 දෙනෙක් ස්වාධිනව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා අද පාර්ලිමේන්තුවේනදී සදහන් කළේය.

    එම නම් අතර අරුන්දික ප්‍රනාන්දු මහතාගේ නමද සදහන් වී තිබුණි.

    එහිදී අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එහි සඳහන් සිය නම පිළිබදව පාරිලමේන්තුව හමුවේ ප්‍රකාශයක් කරමින් සඳහන් කරනු ලැබුවේ තමන් තවදුරටත් ආණ්ඩුව නියෝජනය කරන බවත් සිය ඡන්ද දායකයන්ගෙන් විමසා ඉදිරි තීරණ ගන්නා බවය.

    අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීවරයා විසින් පාරිලමේන්තුවට ඉදිරිපත් කළ ස්වාධින වන පොදු පෙරමුණු මන්ත්‍රීවරුන් මෙසේය.

    අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, නලින් ප්‍රනාන්දු, නිමල් ලාංසා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රියංකර ජයරත්න, රොෂාන් රණසිංහ, අරුන්දික ප්‍රනාන්දු , ජයරත්න හේරත්

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img