තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් ලංකාවක් බිහිවෙන්න නායකත්වයේ වෙනස විතරක් මදි - විපක්ෂ නායක

    අලුත් ලංකාවක් බිහිවෙන්න නායකත්වයේ වෙනස විතරක් මදි – විපක්ෂ නායක

    නායකත්වයේ වෙනසකින් පමණක් අලුත් ශ්‍රී ලංකාවක් ඇරඹෙන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා ශක්තිමත් ආයතන ද එක්විය යුතු බවය.

    අන්තර්වාර ආණ්ඩුවක් යනු අභ්‍යන්තර පක්ෂ දේශපාලනය මිස අන් කිසිවක් නොවන බව ද විපක්ෂනායකවරයා අවධාරණය කරයි.

    සිය නිල සමාජ ජාල ගිණුම් ඔස්සේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරයි.

    “අපට ඉල්ලා අස්වීම් අවශ්‍යයි තමයි, ඒත් ඉන් පසුව අපට වැඩකරන දේශපාලන ආකෘතියකුත් අවශ්‍යයි. අලුත් ශ්‍රී ලංකාවක් ඇරඹෙන්නේ නායකත්වයේ වෙනසක් පමණක් නොව, ශක්තිමත් ආයතන ද සමඟිනි. අන්තර්වාර ආණ්ඩුවක් යනු අභ්‍යන්තර පක්ෂ දේශපාලනය මිස අන් කිසිවක් නොවේ.” යැයි ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියාසිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img