තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බස් කෝච්චි සුපුරුදු පරිදි ධාවනයට

    බස් කෝච්චි සුපුරුදු පරිදි ධාවනයට

    ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ අද සියලුම පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.

    පසුගිය සෙනසුරාදා රජය විසින් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6ට ඉවත් කිරීමෙන් පසු දුම්රිය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) සහ පෞද්ගලික බස්රථ ඇතුළු සියලුම ප්‍රවාහන සේවා අද පෙරවරුවේ සිට යළි සිය සේවා ආරම්භ කර ඇත.

    ඒ අනුව, සියලුම කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට යොමු කර ඇත.

    නමුත් දුරගමන් දුම්රිය පැයකට පසුව ධාවනය ප්‍රමාද කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    අද පස්වරුව වන විට දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවද එම දෙපාර්තමේන්තුව කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img