තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හදිසි නීතිය - ඇඳිරිනීතිය දැම්මේ ජනතා ආරක්ෂාවටයි - රජය

    හදිසි නීතිය – ඇඳිරිනීතිය දැම්මේ ජනතා ආරක්ෂාවටයි – රජය

    හදිසි අවස්ථා නීතිය හා ඇඳිරි නීතිය පනවනු ලැබූයේ සාමය, ජනජීවිතය හා මහජන සහ පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ එකම අරමුණ ඇතිව බව රජය ප්‍රකාශ කරයි.

    නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හා සාමකාමී ලෙස විරෝධය පෑමේ අයිතිය මෙන්ම මහජන සාමය හා රාජ්‍ය, පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමට ද රජය බැඳී සිටින බවයි.

    භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස, සාමකාමී ලෙස රැස්වීමේ හා විරෝධය පෑමේ අයිතිය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කොට ප්‍රවර්ධනය කිරීම රජය ප්‍රතිඥා දී පිළිගෙන ඇති ප්‍රතිපත්තියකි. පසු ගිය වසර දෙකට වැඩි කාලය තුළ ඒ බව ප්‍රායෝගිකව සනාථ කර ඇති බවද නිවේදනයේ දැක්වේ.

    වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු කිසිදු සාමකාමී උද්ඝෝෂණයකට හෝ විරෝධතා පෙළපාලියකට හෝ බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේ නැත. ඇතැම් අවස්ථාවක විරෝධතාකරුවන්ගේ නියෝජිතයන් ජනාධිපති කාර්යාලයට කැඳවා ප්‍රශ්න සාකච්ඡා කොට විසඳුම් දෙනු ලැබීය. විරෝධතා හා උද්ඝෝෂණ සඳහා ජනාධිපති කාර්යාලය සමීපයේ වෙනම භූමි භාගයක් පවා වෙන් කෙරිණු බව එම නිවේදනයේ සඳහන් වේ.

    පසුගිය මාර්තු 31 බ්‍රහස්පතින්දා මිරිහාන ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවේදී ඇතැම් පිරිස් කලහකාරී ලෙස හැසිරෙමින් මහජන හා පෞද්ගලික දේපලවලට අලාභහානි කළහ. ඇතැමෙකුට තුවාල සිදු විය. දේපල හානිය රුපියල් මිලියන 39 කි. පිළිගත් නෛතික ප්‍රතිපාදන ප්‍රකාර හදිසි නීතිය හා ඇඳිරි නීතිය පනවනු ලැබූයේ ජනජීවිතය, මහජන සාමය සහ මහජන හා පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව බව ද රජය අවධාරණය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img