තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"සෝෂල් මීඩියා අවහිරය තේරුමක් නැති වැඩක්" - ඇමති නාමල්

    “සෝෂල් මීඩියා අවහිරය තේරුමක් නැති වැඩක්” – ඇමති නාමල්

    සමාජ මාධ්‍ය අවහිර කිරීම තමා කිසිසේත් අනුමත නොකරන බව තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙය නිෂ්ඵල වැඩක් බවත් මෙම තීරණය ගැන නැවත සිතාබලන ලෙසත් ය.

    ට්විටර් සමාජ ජාලයේ සිය නිල ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු ඒ පිළිබඳ පවසා ඇත්තේ මෙසේය.

    “සමාජ මාධ්‍ය අවහිර කිරීම මම කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මම දැන් භාවිතා කරන ආකාරයටම VPN ලබා ගැනීමට හැකිව තිබියදී, එවැනි තහනම් කිරීම් සම්පූර්ණයෙන්ම නිෂ්ඵල දෙයක්. මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මීට වඩා ප්‍රගතිශීලීව සිතා මෙම තීරණය නැවත සලකා බලන ලෙසයි.” යැයි ද අමාත්‍යවරයා සඳහන් කර සිටී.

    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට තුළ ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම්, වට්සැප්, ට්විටර් සහ ටෙලිග්‍රෑම් ආදි සමාජ ජාල වෙබ් අඩවි වෙත පිවිසීමේ හැකියාව අවහිර වී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img