තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වතු කම්කරුවන්ගේ දරුවන්ට ඉන්දීය රජයෙන් වටිනා අවස්ථාවක්

    වතු කම්කරුවන්ගේ දරුවන්ට ඉන්දීය රජයෙන් වටිනා අවස්ථාවක්

    වතුකම්කරුවන්ගේ දරුවන් සදහා ශිෂ්‍යත්ව පිරිනැමීමට මේ දිනවල අයදුම්පත් භාරගන්නා බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

    ලංකා වතුකම්කරුවන්ගේ අධ්‍යාපන භාරය මගින් මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සදහා අයදුම්පත් කැදවන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය දැනුම් දී සිටී.

    අපොස උසස්පෙල, උපාධි පාඨමාලා සහ ශ්‍රී ලංකාවේ පිහිටි වෙනත් රජයේ තාක්ෂණ විශ්වවිද්‍යාලයන්හි වෘත්තිය පුහුණු තාක්ෂණික පාඨමාලා හැදෑරීම සදහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.

    සාමාන්‍ය පෙල සහ උසස්පෙල සමත් වයස අවුරුදු 25 ට අඩු අයට මේ සදහා අයදුම් කළ හැකියි.

    අයදුම්පත් සමග උප්පැන්න සහතිකය, සාමාන්‍ය පෙල හා උසස්පෙල ප්‍රතිඵල සටහන, දෙමාපියන්ගේ ආසන්නතම වැටුප් පත්‍රය හා ඔවුන්ගේ රැකියාව පිළිබද වතු අධිකාරිගේ සහතිකය යන ලේඛණවල ඡායා පිටපත් එවිය යුතුයි.

    අයදුම්පත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියෙන් බාගත හැකියි. එසේම කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් සහකාර මහකොමසාරිස් කාර්යාලයෙන් සහ මහනුවර කාර්යාලයෙන් ද අයදුම්පත් ලබාගත හැකි ය.

    සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලේකම්, ලංකා වතුකම්කරුවන්ගේ අධ්‍යාපන භාරය, ඉන්දිය මහකොමසාරිස් කාර්යාල භාරය, තැපැල් පෙට්ටිය 882, කොළඹ 03 යන ලිපිනයට අප්‍රේල් 29 හෝ ඊට පෙර එවිය යුතුයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img