fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න අභාවප්‍රාප්ත වේ

    හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න අභාවප්‍රාප්ත වේ

    ‍හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් වූ අතාවුද සෙනෙවිරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහල ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

    1931 සැත්තැම්බර් 09 වෙනිදා උපන් ඒ මහතා මිය යන විට 91 වන වියේ පසුවිය.

    වෘත්තියෙන් ගුරුවරයෙක් වූ අතාවුද සෙනෙවිරත්න මහතා දේශපාලනයට පිවිසෙන්නේ ලංකා සම සමාජ පක්ෂයෙනි. අනතුරුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්ව මාවනැල්ල ආසන සංවිධායක සහ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙසද කටයුතු කළේය.

    1954 දී මොරණා ගම් 12 පත්තු ගම් සභාවට තේරීපත්වන අතාවුද සෙනෙවිරත්න මහතා පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1970 දීය. ඒ ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමිනි.

    සබරගමුව පළාත් සභාවේ විපක්ෂ නායක මෙන්ම ප්‍රධාන අමාත්‍යවරයා ලෙසද කටයුතුකර ඇති අතාවුද සෙනෙවිරත්න මහතා 2015 වසර දක්වාම වරින් වර පාර්ලිමේන්තුවද නියෝජනය කරමින් කැබිනට් අමාත්‍යධූරයන් කිහිපයක්ද දැරුවේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.