තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රූපවාහිනී - දුරකතන - අන්තර්ජාල සේවාවලටත් බාධා

    රූපවාහිනී – දුරකතන – අන්තර්ජාල සේවාවලටත් බාධා

    මෙරට තුළ උද්ගත වී ඇති දීර්ඝ විදුලි කප්පාදු, ඉන්ධන අර්බුද, ඩොලර් හිඟ හේතුවෙන් අන්තර්ජාල සම්බන්ධක ඔස්සේ මෙරට විකාශය වන ඇතැම් රූපවාහිනි නාළිකා විකාශය කිරීම, දුරකතන හඬ සහ දත්ත භාවිත කිරීමේ වේගසීමාවලට ද බාධා මතුව තිබේ.

    විදේශ විනිමය අර්බුදය හේතුවෙන් විදෙස් රූපවාහිනී නාලිකාවලට මුදල් ගෙවීමට නොහැකි වීම නිසා ඇතැම් විදෙස් නාලිකා මෙරට විකාශනයන් තාවකාලිකව නවතා දමා ඇතැයි PeoTV සේවාවන් භාවිතා කරන පාරිභෝගිකයින් වෙත අද දැනුම් දී තිබුණි.

    එමෙන්ම ජංගම සන්නිවේදන සේවා සපයන්නන් කිහිප දෙනෙකු පවසා ඇත්තේ 3G සහ 4G සම්ප්‍රේෂණ ජාලවල කෙරෙහි හඬ සහ දත්ත සේවා සඳහා බාධා මතුව ඇති බවයි.

    ඊට හේතුව ලෙස ඔවුන් පවසා ඇත්තේ පැය ගණනාවක් තිස්සේ විදුලිය විසන්ධි කිරීම සහ විදුලි ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන හිඟය හේතුවෙන් මෙම තත්ත්වය මතුවන බවය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img