තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඉන්දියානු ණයෙන් පොලීසියට ජිප් රථ 750ක්

    ඉන්දියානු ණයෙන් පොලීසියට ජිප් රථ 750ක්

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා පොලීසියට ජිප් රථ 750 ක් ලබාදීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට‍ අද (30) එළඹිණි.

    මහජන ආරක්ෂක අමාත්‍යයේ ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා සහ මහේන්ද්‍ර ආයතනයේ උප සභාපති ජොයිඩීප් මොයිට්‍රා (Joydeep Moitra) යන මහත්වරු අතර මජන ආරක්ෂඛ අමාත්‍යාංශයේදී ගිවිසුම් අත්සන් තැබිණි.

    ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජනතාවට සපයන සේවාව කඩිනම් කිරීම හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙම ජිප් රථ ඉන්දියානු ණය ආධාර යටතේ ලැබෙනු ඇත.

    මෙම ජිප් රථ ලබාදීම අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර අගෝස්තු මස අවසානයට පෙර ජිප් රථ 250ක්ද, සැප්තැම්බර් මස අවසානයට පෙර ජිප් රථ 250ක් සහ 2023 වසරේ මාර්තු මස අවසානයට පෙර ජිප් රථ 250ක්ද ලබාදීම මෙම ගිවිසුම අනුව සිදුවේ. මෙහි මුළු වටිනාකම රුපියල් බිලියන 2.5 කි.

    ශ්‍රී ලංකා පොලිසිය සඳහා ඉන්දියානු ණය අධාර යටතේ ත්‍රීරෝද රථ 2000 ක්, ජපන් ආධාර යටතේ ජිප් රථ ඇතුළු වාහන 72ක් සහ යතුරුපැදි 150 ක් මේ වන විට ලබා දී ඇත.

    මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පොලිස්පති චන්දන වික්‍රමරත්න මහත්වරු ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගිවී සිටියහ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img