තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිල් නොගෙවූ අයගේ විදුලි විසන්ධි කිරීම අද සිට

    බිල් නොගෙවූ අයගේ විදුලි විසන්ධි කිරීම අද සිට

    විදුලි බිල්පත් මාස කිහිපයක සිට නොගෙවා නොගෙවා ඇති පාරිභෝගිකයින්ගේ නිවෙස්වල විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.

    ඒ අනුව බිල්පත් නොගෙවා ඇති පාරිභෝගිකයින් ලැයිස්තු ගත කර එම නිවෙස්වල විදුලිය විසන්ධි කිරීම අද ආරම්භ කළ බවද ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.

    දිවයිනේ ප්‍රදේශ ගණනාවකම නිවෙස් ගණනාවක් අද දිනයේ විදුලිය විසන්ධි කළ බවද එම ආරංචි මාර්ග කියයි.

    කොරෝනා වසංගතයේ හේතුවෙන් ඇතැම් විදුලි පාරිභෝගිකයින් මාස ගණනාවක සිට බිල්පත් ගෙවා නැතැයි ද ඔවුන්ට මෙතෙක් කලක් සහනයක් සලසා දුන් බවද ලංවිම ජේෂ්ඨ ප්‍රකාශකයකු පැවසීය.

    ලංකා විදුලිබල මණ්ඩලය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති හෙයින් හිඟ විදුලි බිල්පත් අයකර ගැනීමට ගැනීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img