fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ටර්පෝල් රතු වරෙන්තු 133කට ගත්තත් කුඩුකාරයෝ ඉන්නේ 23 යි

    ඉන්ටර්පෝල් රතු වරෙන්තු 133කට ගත්තත් කුඩුකාරයෝ ඉන්නේ 23 යි

    මෙරටින් පළාගොස් විදේශයන්වල සැගවී සිටින අපරාධකරුවන් 133 දෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන ලබා ගෙන ඇතත් ඒ අය අතර සිටින්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් 23 දෙනෙක් පමණක් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    මත්ද්‍රව්‍ය ජාවාම සම්බන්ධයෙන් රතු නිවේදන ලබාගෙන සිටින එම අපරාධකරුවන් 23 දෙනා රටවල් රැසකම සැඟවී සිටින බවත් ඒ අයගෙන් 06 දෙනෙක් මේ වන විට ඉන්දීය අත්අඩංගුවට පත්ව එරට බන්ධනාගාරවල සිටින බවද අජිත් රෝහණ මහතා කීය.

    එම ජාවාරම්කරුවන් මෙරටට ලබාගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගවල නිරතව සිටින බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන නිකුත්කර සිටින මෙටට අවශ්‍ය අපරාධකරුවන් රැසක්ම මේ වන විට සිටින්නේ ඉන්දියාව, ඩුබායි සහ යුරෝපීය රටවලය. ඩුබායි හීදී අත්අඩංගුවට පත්ව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු පොලිස් වෙඩි ප්‍රහාරයකින් මාකදුරේ මධුෂ්ගේ මරණය සිදුවීමත් සමඟ ඩුබායි හී රැදී සිටින රතු නිවේදන ඇති කිසිදු අපරාධකරුවෙක් හෝ මත්කුඩු ජාවාරම්කරුවෙක් මෙරටට භාරදී නැත. ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවෙක් මෙන්ම පාතාල අපරාධකරුවෙක් වන ඇල්ටෝ ධර්මේ නැමැත්තාවද එක්සත් එමීර් හීදී අබුඩාබි පොලීසියට හසුවී ඇතත් පසුව ඔහුව නිදහස් කර තිබේ. ඉතාලියේදී කොස්ගොඩ නදුන්ව වරක් අත්අඩංගුවට ගන්නා අතර රතු නිවේදනයක් නිකුත්කර සිටි ඔහුවද එරට පොලීසිය නිදහස්කර ඇත.

    මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා ජාත්‍යන්තර පොලිස් සමුළුවට සහභාගිවීමට ඉකුත් දා ඩුබායි හී කළ සංචාරයේදී ඩුබායි පොලිස් ප්‍රධානීන් මෙන්ම ජාත්‍යන්තර පොලිස් ප්‍රධානියාව මුණ ගැසී කළ සාකච්ඡාවලදීද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බවද ආරංචි මාර්ග අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.