තවත්
    මුල් පිටුවදේශීය පුවත්හොරට හැදූ රන් ගුලි ලක්ෂ 10 කට පොලීසියට විකුණ න්න ගිහින් 03ක්...

    හොරට හැදූ රන් ගුලි ලක්ෂ 10 කට පොලීසියට විකුණ න්න ගිහින් 03ක් මාට්ටු

    නිධානයකින් ලබාගත් රන් කැබලියැයි සඳහන් කරමින් යකඩ කැබලි වලින් සකස් කළ ව්‍යාජ රන් කැබලි තොගයක් රුපියල් මිලියනයකට අලෙවි කිරීමට සූදානම් වූ සංවිධානාත්මක ජාවාරම්කරුවන් තිදෙනෙක් කුරුණෑගල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම රන් කැබලි ඡාවාරම සම්බන්ධයෙන් පොලීසියට ලැබී තිබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් ගැණුම්කරුවන් ලෙස වෙස් වලාගෙන මෙම වැටලීම කර ඇත්තේ ඊයේ ය.

    මෙම සැකකරුවන් තිදෙනා ව්‍යජ ලෙස සකස් කළ රන් කැබලිද රැගෙන ඒවා අලෙවි කිරීමට රැගෙන විත් ඇත්තේ කුරුනෑගල දඹුල්ල මාර්ගයේ පිහිටි බඩගමුව රක්ෂිතය වෙතය.

    එම අවස්ථාවේදී පොලීසියේ නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කළ ග්‍රෑම් 550 යි මිලිග්‍රෑම් 400 ක් බරැති රන් පැහැති ද්‍රව්‍යක් අලේක කළ යකඩ කැබලිද සොයාගෙන තිබේ.

    සැකකරුවන් අවුරුදු 34ත් 43ත් අතර වයස්වල පසුවන ඉබ්බාගමුව, දෙහිගොල්ල සහ කුරුණෑගල පදිංචිකරුවන්ය.

    මෙම සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img