තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිම්ස්ටෙක් සමුළුව ඇරඹේ

    බිම්ස්ටෙක් සමුළුව ඇරඹේ

    බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල
    නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන්‌ පැවැත්වෙන බිම්ස්ටෙක්‌ සමුළුව අද (28) කොළඹ දී ආරම්භ වීමට නියමිතය.

    5 වැනි වරටත් පැවැත්වෙන සමුළුවේ බිම්ස්ටෙක්‌ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම සහ අමාත්‍ය මණ්ඩල රැස්වීමට බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්‌ සහ විදේශ අමාත්‍යවරුන්‌ සහභාගි වීමට නියමිතය.

    ලබන 30 දා පැවැත්වෙන සැසිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    බිම්ස්ටෙක්‌ සංවිධානයේ මහලේකම්‌ ටෙන්සින්‌ ලෙක්ෆෙල්‌, ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්යය එස්‌. ජයශංකර්‌ යන අය මේ වනවිටත් මෙහි පැමිණ සිටී.

    බිම්ස්ටෙක්‌ හි ප්‍රගතිය පිළිබඳව කලාපීය කණ්ඩායමක්‌ ලෙස සාකච්ඡා ‍කිරීම, බිම්ස්ටෙක්‌ ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට සහ නීතිමය ගිවිසුම්‌ කිහිපයකට අත්සන්‌ තැබීමට ද සමුළුවේදී අපේක්ෂා කෙරේ.

    බිම්ස්ටෙක් සමුළුව ලබන 30 වන දින දක්වා පැවැත්‌වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img