තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකාවේ ලක්ෂ 60ක් සමෘද්ධිලාභීන් - මාසික ගෙවීම ලක්ෂ 620ක්

    ලංකාවේ ලක්ෂ 60ක් සමෘද්ධිලාභීන් – මාසික ගෙවීම ලක්ෂ 620ක්

    ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 6ක් පමණ සමෘද්ධි සහනාධාර ලබන බවත් ඒ සඳහා රුපියල් මිලියන 62ක් පමණ මාසිකව වැය කරන බවත් ගණනය කර ති‍බේ.

    ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගියදා (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේ දී නිලධාරීන් විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම දත්ත ඉදිරිපත් කළේය.

    මේ වනවිට මෙරට සිටින මුළු ජනගහනය ද මිලියන 22කි.

    මෙහි දී අනාවරණය වූ අනෙක් කරුණ වන්නේ එම සහනාධාරය ලැබිය යුතු ම ඇතැමෙකුට නොලැබී අනවශ්‍ය පුද්ගලයන්ට එය ලැබෙන බවට ය.

    තිරසාර සංවර්ධන ප්‍රගතිය මැනීමේ දත්ත පැවතියේ දර්ශක 46කට පමණක් බවත් එම දත්ත මේ වන විට දර්ශක 105ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි වී ඇති බවත් මෙහි දී අනාවරණය වූ අතර දත්ත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ වන විට ආසියා ෆැසිපික් කලාපයේ 10 වන තැනට පත්ව ඇති බවත් නිලධාරීහු එහිදී පෙන්වා දුන්හ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img