තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ දින ප්‍රකාශයට පත්කරයි

    උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ දින ප්‍රකාශයට පත්කරයි

    පසුගිය වසර සඳහා(2021) වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරික්ෂණ ලබන අඟහරුවාදා 29 වැනිදා සිට අප්‍රේල් 08 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    විභාග කොමසාරිස් ජනරාල්, එල්. එම්. ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ දේශීය හා භාරත නර්තන, පෙරදිග, කර්ණාටක සහ බටහිර යන සංගීත විෂයන් සඳහා එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි.

    දිවයින පුරා පිහිටුවා ඇති ප්‍රායෝගික පරික්ෂණ මධ්‍යස්ථානවලදී එම පරීක්ෂණ පැවැත්වෙනු ඇති.

    ඒ සඳහා පෙනී සිටීමට අවශ්‍ය ප්‍රවේශපත්‍ර මේ වනවිට තැපැල් මගින් යොමු කර ඇතැයි ද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ ය.

    ඔහු පැවසුවේ, යම් අපේක්ෂයෙකුට ප්‍රවේශපත්‍ර ලැබී නොමැති නම්, විභාග දෙපාර්තමේන්තුවේ doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එය ලබාගත හැකි බවයි.

    එමෙන්ම අපේක්ෂයෙකුට යම් ගැටලුවක් වෙතොත් 011 2 78 42 08 හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික දුරකථන අංකයට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකියි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img