fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ශ්‍රී ලංකා නීතීඥ සංගමය ගෑස් , කිරිපිටි, ඉන් ධන,ඖෂධ, විදුලිය සහ ආහාර...

    ශ්‍රී ලංකා නීතීඥ සංගමය ගෑස් , කිරිපිටි, ඉන් ධන,ඖෂධ, විදුලිය සහ ආහාර ගැටළු ශ්‍රේෂ්ඨාධිකරණ යට රැගෙන යයි

    මේ වන විට ජනතාව මුහුණ දෙන ගෑස්, ඉන්ධන, විදුලිය , කිරිපිටි, ඖෂධ සහ ආහාර හිඟයකින් තොරව ජනතාවට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි, කැබිනට් මණ්ඩලයට සහ වගකිවයුත්තන්ට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කර තිබේ.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම පෙත්සම් වලින් පෙන්වා දෙන්නේ මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා හිඟවීමෙන් නීතියේ ආධිපත්‍යයට සහ මහජන සාමයට බලපෑමක් වන බව හා වහාම මේ ගැටළු සමනය නොකළ හොත් නීතියේ අධිපත්‍යයට සහ මහජන සාමයට බලපෑම් එල්ල විය හැකි බවය.

    මෙම පෙත්සම් දෙකෙන් පෙන්වා දී ඇත්තේ හිඟයකින් තොරව සාධාරණ මිලකට ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාදීමට අසමත්වීමෙන් ව්‍යවස්ථාවෙන් තහවුරු වී ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බවය.

    නීතිපතිවරයා, සියලුම කැබිනට් ඇමතිවරුන්, මහබැංකු අධිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා, අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්, විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු පාරශ්වකරුවන් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් කර තිබේ.

    නී.තිඥ ජී. ජී. අරුල් ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ආචාර්ය කේ. කණගීස්වරම් ,ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා සහ නීතිඥ සුරේෂ් ඥානරාජ් , නිතිඥ පුලස්ති හේවාමාන්න යන නීතිඥ මණ්ඩලය ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටී.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.