තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් පෝලිම් අඩුවෙයි - ඩීසල් නැවකට මුදල් දෙයි - ප්‍රෙටල් නැවකුත් ඇවිත්

    තෙල් පෝලිම් අඩුවෙයි – ඩීසල් නැවකට මුදල් දෙයි – ප්‍රෙටල් නැවකුත් ඇවිත්

    බොහෝ ප්‍රදේශවල මෙතෙක් පැවති දිගු පෙට්‍රල් හා ඩීසල් පෝලිම් අද සැළකිය යුතු ලෙස අඩු වී ඇතැයි වාර්තා වේ.

    විශේෂයෙන් මරදාන හා දෙමටගොඩ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල පසුගිය දිනි ගණනාව පුරා ඉතාදිගු පෝලිම් දක්නට ලැබුණු අතර අද වනවිට එය ඉතා අඩුවී ඇත.

    බොහෝ ඉන්ධන පිරවුම්හල් පවසන්නේ ඉන්ධන අවශ්‍ය ප්‍රමාණයට ඇති බවයි.

    කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් තෙල් බවුසර පිටත්වීම තවදුරටත් සිදුකෙරේ.

    මේ අතර කොළඹ වරාය ආසන්නයේ නැංගූරම්ලා තිබූ ඩීසල් තොග රැගත් නෞකාව හිමි සිංගප්පූරු සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 42ක් ක් ගෙවූ බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

    සති දෙකකට ආසන්න කාලයක් මෙම නැව කොළඹ වරාය ආසන්නයේ නැංගූරම්ලා තිබුණි.

    අදාළ නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් ඇත.

    ඉන්දීය ණය පහසුකම යටතේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගෙන තවත් නෞකාවක් මෙරටට පැමිණ ඇතැයි සඳහන් ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img