fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බඩගින්නෙන් බේරෙන්න බිළිඳකු එක්ක පවුල් 2ක් බෝට්ටුවකින් ඉන්දියාවට ගිහින්

    බඩගින්නෙන් බේරෙන්න බිළිඳකු එක්ක පවුල් 2ක් බෝට්ටුවකින් ඉන්දියාවට ගිහින්

    උග්‍ර ආර්ථික අර්බුදයකට ලක්ව සිටින ශ්‍රී ලංකාවේ ජීවත්විම අසීරු වීම හමුවේ උතුරු ප්‍රදේශයේ දෙමළ පවුල් දෙකක් කුසගින්නෙන් බේරීමට අද ඉන්දියාවේ තමිල්නාඩුවේ රාමේෂ්වරම් වෙත ෆයිබර් බෝට්ටුවකින් දිවයිනෙන් පලා ගොස් ඇතැයිි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

    අද උදෑසන ධනුෂ්කොඩි අසල අරිචල්මුනේ වෙරළේ රැඳී සිටි මෙම පවුල් දෙකෙහි මාස හතරක බිළිඳකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු සිට ඇතැයි එරට වාර්තා පවසයි. එක් පිරිමියෙක්, කාන්තාවන් දෙදෙනෙකු, පිරිමි දරුවකු හා බිළිඳකු ඔවුන් අතර සිට ඇත.

    මොවුන් ඉන්දීය වෙරළාරක්ෂක මුර සංචාරයක් දැක රඳවා තබාගෙන ඇත.

    තමන්ට රැකිියා පවා අහිමි වී ඇති බවත් ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල දරාගගත නොහැකි ලෙස ඉහළ යාම ජීවත් වීම අසීරු නිසා තමන් රට හැර ගිය බව ඔවුහු නිලධාරීන්ට පැවසූ බව ඉන්දීය වාර්තා පවසයි.

    ඔවුන් යාපනය සහ තලෙයිමන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    ඔවුන්ගෙන් ප්‍රශ්න කළ උසස් නිලධාරියකුට අනුව මෙම ශ්‍රී ලාංකිකයන් රාත්‍රී 10 ට පමණ බෝට්ටුවකට නැග. සඳුදා සහ මධ්‍යම රාත්‍රියෙන් පසු ජාත්‍යන්තර සමුද්‍ර සීමා රේඛාව තරණය කර ඇත.

    කුඩා දූපතකට ඔවුන්ව බස්සවා බෝට්ටුකරු ආපසු ගොස් ඇත්තේ රාමේෂ්වරම් ප්‍රදේශයෙන් කවුරුන් හෝ ඔවුන් රැගෙන එනු ඇතැයි යන ව්‍යාජ බලාපොරොත්තුවක් ඇති කරමිනි.

    වාර්තාකරුවන් එම ස්ථානයට ගිය විට ‍ලාංකිකයන්ගෙන් අයකු යාපනයේ රංජිත් කුමාර්ගේ පුත් ගජේන්ද්‍රන් (24) පැවසුවේ තම ඥාතියෙකු විසින් සංවිධානය කරන ලද බෝට්ටු ගමන සඳහා එක් වැඩිහිටියෙකු සඳහා ඉන්දීය රුපියල් 10,000 බැගින් ගෙවා ඇති බවයි. “මම යාපනයේ අනියම් සේවකයෙක්. මෑතකදී මගේ රැකියාව අහිමි වුණා. අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල නදරාගත නොහැකි තරම් ඉහළ මට්ටමකට පැමිණ තිබුණත්් ගන්න මා ළඟ මුදල් නැ. රාමේෂ්වරම් වල මගේ නෑදෑයෝ ටිකක් ඉන්නවා. ඒ නිසා මම මෙතැනට එන්න තීරණය කළා…” ඔහු වැඩිදුරටත් පැවසීය.

    ගජේන්ද්‍රන්ගේ බිරිඳ වන 23 හැවිරිදි මේරි ක්ලැරින් පැවසුවේ ඊයේ දහවල් ඔවුන්ට ආහාර තිබූ බවයි. “අපි හවස 4 ඉඳන් වෙරළේ බලාගෙන හිටියා. බෝට්ටුවට නැඟීමට. මගේ මාස හතරක් වයසැති පුතා නිජත් ඇතුළු අපට ඊයේ (සඳුදා) ඉඳන් කන්න මුකුත් තිබුණේ නෑ.”

    28 හැවිරිදි ඩියෝරි ලෙස හඳුනාගෙන ඇති තවත් කාන්තාවක් පැවසුවේ ඇයට දරුවන් දෙදෙනෙකු සිටින බවයි. එස්තර්,( 9) සහ මෝසෙස්(, 6). ශ්‍රී ලංකාවේ තත්වය ‘භයානක’යි.. “කම්කරු පංතිය අතර ආහාර හිඟයක් තිබෙනවා. මට රස්සාවක් කරන්න ඕන වුණාට දරුවෝ දෙන්නව තනියම දාලා යන්න බැහැ. ඒ නිසා මම ඉන්දියාවට යන්න තීරණය කළා, මට නෑදෑයෝ ටිකක් එහේ ඉන්නවා,’ ඇය පැවසුවේ, ඇයගේ බෝට්ටු ගමන සඳහා රුපියල් 10,000ක් ගෙවා ඇති බවයි.

    ඉන්දීය වෙරළාරක්ෂක බලකාය, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ Q ශාඛාවෙන් මෙම පවුල් පැමිණීම පිළිබඳ තොරතුරු ලැබුණු බවත්, පෙ.ව. 8.30 ට කලාපය තුළ මෙහෙයුම් දියත් කළ බවත්, ශ්‍රී ලාංකික ජාතිකයන් හය දෙනෙකු හඳුනා ගත් බවයි.ඔවුන් මණ්ඩපම් හොවර්පෝට් වෙත ගෙනැවිත් ප්‍රශ්න කළහ.

    “ඔවුන් රාත්‍රී 10.30 ට ධීවර බෝට්ටුවකට ගොඩ වූ බව පාපොච්චාරණයෙන් හෙළි විය. [සඳුදා] සහ අලුයම 1.30 ට හතරවන දූපතට ළඟා වූ අතර පසුව ඔවුන් පොලිසියට භාර දෙන ලදී.” ඉන්දීය පොලිස් ප්‍රකාශකයෙක් පවසා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.