fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැති ඇමතිවරු සහ පොලිස් ලොක්කෝ ඇසුරුකරමින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලේ

    මැති ඇමතිවරු සහ පොලිස් ලොක්කෝ ඇසුරුකරමින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලේ

    මැති ඇමතිවරු සහ පොලීසියේ ඉහළ නිලධාරීන් ඉතා කිට්ටුවෙන් ඇසුරුකරමින් ගම්වැසියන් හමුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙක් විසින් පිළියන්දල කරදියානේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් අද වටලනු ලැබීය.

    එම අවස්ථාවේ එහි සිටි ගණිකාවන් දෙදෙනෙක්, කළමනාකරු සහ කළමනාකරුගේ සහයකයා අත්අඩංංගුවට ගෙන තිබේ.

    මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය නියොජ්‍ය පොලිස්පති වෙස්ගත් පුද්ගලයා වැටලීම සිදුවන අවස්ථාවේදී එහි සිට නැත. ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කළේය.

    මෙම ගණිකා නිවාසය පිළිබද තොරතුරු ලැබී ඇත්තේ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාටය. ඒ පොලීසියේ උසස් නිලධාරියෙක් මෙම ගණිකා නිවාසය ප්‍රසිද්ධියේම පවත්වාගෙන යන බවටත් එම ස්ථානය කිසිදු පොලිස් ස්ථානයකින් වටලන්නේ නැති බවටත් සඳහන් කරමිනි.

    ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විශේෂ අවධානයක් යොමුකරමින් ඒ සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු මධ්‍යම දූෂණ මර්දන බලකායට භාරදී ඇත.

    එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාත් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාත් සිය නිලධාරීන් යොදා දින කිහිපයක් තොරතුරු රැස්කිරීමෙන් අනතුරුව මෙම ස්ථානය වටලා තිබේ.

    ගණිකා නිවාසය පිහිටා ඇත්තේ මහල් ගොඩනැගිල්ලකය. මෙම ගණිකා නිවාසය පවත්වාගෙන යන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස පෙනී සිටින පුද්ගලයා මැති ඇමතිවරු ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් සමඟ එකට සිටින ඡායාරූවලින් පහළ මහලේ කාර්යාලයේ බිත්ති සරසා තිබී ඇත.

    මෙම පුද්ගලයා ප්‍රබල ඇමතිවරු ඇසුරුකරන අයෙක් බව එම ඡායාරූප දැකීමෙන් සහ එම පුද්ගලයාගේ පම්පෝරිවලට රැවටෙන පුද්ගලයින්ද සිටින බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    ගණිකා නිවාසය පොලීසියේ වැටලීම්වලට හසු නොවී පවත්වාගෙන යාමට එය ඔහුට ආශිර්වාදයක් වී ඇත.

    මෙවන් ආරක්ෂාවක් මෙම ගණිකා නිවාසයට ලැබී ඇති බැවින් කිසිදු බියක් සැකක් නොමැතිව ගණිකා ඇසුර සඳහා මෙම ස්ථානයට පුද්ගලයින් පැමිණෙන බවද ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන තොරතුරුවල සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.