fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ ගුවන් තොටෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් ලබන සතියේ සිට

    කොළඹ ගුවන් තොටෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් ලබන සතියේ සිට

    මේ මස 27 වැනි දින සිට රත්මලාන ගුවන් තොටුපොළින් (කොළඹ ගුවන්තොටුපල) ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කෙරේ.

    රත්මලාන ගුවන් තොටුපලේ සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට ජාත්‍යන්තර ගුවන් සමාගම් කිහිපයක් දැනටමත් එකඟතාව පළකර ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියයි.

    එලෙස රත්මලාන ගුවන් තොටුපලේ සිට ගුවන් ගමන් ආරම්භ කරන ගුවන් සමාගම්වලට සහන සැලසීමක් ලෙස අපගමන බද්ද 50%කින් අඩු කරන බව ද සංචාරක අමාත්‍යවරයා කීය.

    මාලදිවයින් ගුවන් සමාගමක් සහ ශ්‍රී ලාංකික පෞද්ගලික ගුවන් සමාගමක් රත්මලානේ සිට මේ මස 27 වැනි දා ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බවද සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

    රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ අඩුවියදම් ගුවන් ගමන් සඳහා නව ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

    රත්මලාන ගුවන් තොටුපලේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරනුයේ වසර 55 කට පමණ පසු බවද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.