fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවට බෝට්ටුවෙන් පන්නන්න හැදූ රන් කිලෝ 06 ක් අල්ලයි

    ඉන්දියාවට බෝට්ටුවෙන් පන්නන්න හැදූ රන් කිලෝ 06 ක් අල්ලයි

    ඩුබායි සිට හොර රහසේ මෙරටට රන් කැබලි සහ රන් භාණ්ඩ රැගෙනවිත් මුුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට රැගෙනයාමේ මහා පරිමාණයේ ඡාවාරමක් හෙළිකර ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් සමත්ව ඇත.

    එසේ ඉන්දියාවට බෝට්ටු මගින් රැගෙන යාමේ සූදානමින් යාපනයට රැගෙන යාමට සූදානම් වූ රන් කිලෝ 06 ක්ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ් නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. ඒ සැකකරුවෙක්ද දෙදෙනෙක්ද අත්අඩංගුවට ගනිමිනි.

    මෙම ඡාවාරම මෙහෙයවනු ලබන්නෙ ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙකි. එම ව්‍යාපාරිකයා කොළඹ විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන අයෙකි. විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයේ මුවාවෙන් ඔහු කරනු ලබන්නේ රන් ඡාවාරම බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

    මෙම ව්‍යාපාරිකයාගේ මෙරට තැරැව්කරුවන් ඩුබායිවෙක යවා ඒ අයට රන් භාණ්ඩ සහ රන් බිස්කට් ඩුබායි හී සිටින ඔහුගේ තැරැව්කරුවන් මගින් ලබාදෙන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් කළ විමර්ශන වලින් පෙනී ගොස් ඇත. අනතුරුව එම පුද්ගලයින් රන් භාණ්ඩ පැළද ගෙන සහ සිය ගමන් මළුවල සගවාගෙන මෙරටට රැගෙන එන බවත් රේගු පරීක්ෂාවලින් ඔවුන් සූක්ෂම ලෙස ගැලවෙන බවත් පෙනී ගොස් තිබේ.

    එසේ එක්වාරයක් රන් රැගෙන ඒම වෙනුවෙන් එක් පුද්ගලයෙකුට කුළියක් ලෙස රුපියල් 40,000 ක් ලබාදෙන බවද අනාවරණය වී ඇත. එම රන් භාණ්ඩ පසුව යාපනයට රැගෙන යන්නේ තවත් පිරිසකි. ඒ අයට සාමාන්‍ය බස් රථවලින් සැකයක් නොසිතන ලෙස ඒවා යාපනයට රැගෙන ගොස් එහි සිටින කැරැව්කරුවන් අතට පත්කරනු ලබයි. ඉන්දියාවට බෝට්ටු මඟින් එම රන් භාණ්ඩ රැගෙන යන්නේ අනතුරුවය.

    මෙම ඡාවාරම ගැන තොරතුරු හෙළිවීමත් සමඟ වැල්ලවත්තේ සිට යාපනය බලා රාත්‍රී කාලයට ධාවනය වන බස් රථයට ආමර්වීදියෙන් පෙරේදා ගොඩවීමට සූදානම් වූ පුද්ගලයෙක් ත්‍රස්ත විිමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් රන් කිලෝ 06 ක් සමඟ අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම ඡාවාරමේ තොරතුරු රැසක් හෙළිවී තිබේ. අනතුරුව මෙම රන් තොගය යාපනයෙන් භාරගැනීමට සූදානමින් සිටි පුද්ගලයාවද අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම ඡාවාරමේ සැඟවුණු තොරතුරු රැසක් හෙළිවී තිබේ. ඒ අනුව මෙම ඡාවාරමට සම්බන්ධ පුද්ගලයින් සොයා විමර්ශන ක්‍රියාත්මකය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.