තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඉන්ධන හිඟයෙන් ඉන්දියාව දෙසට විතැන් වූ මත්කුඩු ඡාවාරම

    ඉන්ධන හිඟයෙන් ඉන්දියාව දෙසට විතැන් වූ මත්කුඩු ඡාවාරම

    මුහුදු මාර්ග ඔස්සේ කෙරෙන මත්කුඩු ඡාවාරමට ඉන්ධන හිඟය බලපා ඇති බැවින් දැන් උතුරු මුහුදු තීරය යොදා ගනිමින් ඉන්දියාව ඔස්සේ මත්කුඩු මෙරටට ගෙන ඒමට ඡාවාරම්කරුවන් පෙළඹී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට පෙනී ගොස් තිබේ.

    පකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ පකිස්තානු සහ ඉරාන් ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය රැගෙන එනවිට ඒවා මෙරට ඡාවාරම්කරුවන් බොහෝ අවස්ථාවන්වලදී ලබා ගන්නේ මාළදිවයිනට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේදීය. එතරම් ඈතකට බහුදින යාත්‍රාවකට ගමන් කිරීමටත් නැවත පැමිණිමටත් විශාල ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍යවන බවත් මේ වන විට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඡාවාරම්කරුවන්ට පහසුවෙන් ඉන්ධන සපයා ගැනීමට නොහැකිව සිටින බවත් නිර්ක්ෂණවලින් පෙනී ගොස් ඇත.

    මේ තත්ත්වයමත ඉන්දියාව හරහා මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට ඡාවාරම්කරුවන් පෙළඹී ඇති උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. වැඩි වශයෙන් එම ඡාවාරම්කරුවන් මෙම මාර්ගයෙන් මෙරටට රැගෙන එන්නේ අයිස් නැමැති කෘතිම මත්ද්‍රව්‍ය විශේෂය බවද එම නිලධාරියා කීය. එකවර විශාල ප්‍රමාණයක් රැගෙන නොයෙන බවත් ධීවර බෝට්ටුවල සඟවා රැගෙන එනු ලබන්නේ කිලෝ 05 කට අඩු ප්‍රමාණයන්වලින් බවත් ඒ ගැන කෙරෙන විමර්ශනවලින් පෙනී ගොස් ඇතැයිද එම නිලධාරියා සදහන් කළේය.

    එසේ රැගෙන පැමිණි අයිස් නැමැති මත්ද්‍රව්‍ය දිගින් දිගටම පොලීසිවලින් කෙරන වැටලීම්වලින් හසුවන බවද එම නිලධාරියා කීය.

    එසේ ඉන්දියාවේ සිට රැගෙන පැමිණි අයිස් කිලෝ 02 යි ග්‍රෑම් 775 ක් පේසාලේ නිවසක සඟා තිබී පේසාලේ පොලීසිය විසින් ඊයේ සොයාගෙන ඇත. එම අයිස් තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙක ඉක්මවයි.

    එම මත්ද්‍රව්‍ය තොගය සමඟ 30 හැවරදි සැකරුවෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img