තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අදානිගේ මෙරට විදුලි ව්‍යාපෘතියට අනුමැතිය - මුල් අදියරට ඩො.මි.500ක්

    අදානිගේ මෙරට විදුලි ව්‍යාපෘතියට අනුමැතිය – මුල් අදියරට ඩො.මි.500ක්

    ඉදිරි වසර 6 ඇතුලත පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් මෙගා වොට් 5000 ක ප්‍රමාණයක් උත්පාදනය කර එය ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට කටයුතු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් කඩිනම් කිරීම සඳහා පත් කල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

    එමෙන්ම මෙරට පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා ඉන්දීය අදානි සමාගම ප්‍රථම අදියර ලෙස ඩොලර් මිලියන 500 ක් ආයෝජනය කර ඇත.

    ඒ සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් කඩිනම් කිරීම සඳහා පත් කල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අනුමැතිය ලබා දුන් බවත් ඉදිරියේ දී මෙරට පුනර්ජනනීය ව්‍යාපෘතීන් සඳහා අදානි සමාගම තවත් ආයෝජනය කරන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

    කිසි ලෙසකත් පැමිණෙන ආයෝජන ප්‍රමාද නොකරන බවත් කිසියම් පිරිසක් මෙම ආයෝජන පමා කරන්නට කටයුතු නරන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

    නව නිවාස සෑදීම , අලුතින් කර්මාන්තශාල ඇති කිරීම වැනි දෑ නිසා වාර්ෂිකව අලුතින් 5% – 8% ප්‍රමාණයකින් විදුලි බල ඉල්ලුම වැඩිවේ.

    මෙම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය මඟින් උත්පාදනය කරන විදුලිය ලබා දීම කෙරෙහි අවධානය යොමුකරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

    දැනට හඳුනාගෙන ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් අතරින් සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම , ඉහල ශක්‍යතාවයෙන් යුතු නව ව්‍යාපෘතීන් හඳුනාගැනීම , ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා පවතින නීතිමය හා අනෙකුත් බාධාවන් ඉවත් කිරීම සඳහා යෝග්‍ය පියවර ගැනීම , පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් උත්පාදනය කරනු ලබන විදුලිය මධ්‍යම සම්ප්‍රේෂණ ජාලයට සම්බන්ධ කිරීමේ පහසුකම් වැඩි දියුණු කිරීම වැනි කාර්යන් කෙරෙහි මේ වන විට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ අවධානය යොමු වී ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img