තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"දැන් ඉන්න ඇමතිගේ විදුලි බිල මං ගෙවන්නේ මොකටද?"

    “දැන් ඉන්න ඇමතිගේ විදුලි බිල මං ගෙවන්නේ මොකටද?”

    තමා විදුලි සන්දේශ, ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ධුරය දරන සමයේ භාවිත කළ කොළඹ පිහිටි රජයේ නිල නිවාසයේ විදුලි බිල්පත තවමත් තමාගේ නමින් නිකුත් වන බවට සමගි ජනබලවේගයෛ් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා චෝදනා කරයි.

    මෙය නිරවුල් කරන ලෙස ඔහු විසින් පසුගිය 28 වැනිදා ලංකා විදුලි බල මණ්ඩලය ලිඛිතව දැනුම් දුන් බව ද එම ලිපිය ඉදිරිපත් කරමින් කියාසිටී.

    තමාගේ ධුර කාලය අවසන් වූ 2019 වසරේදී එම නිලනිවාසය විදුලි සන්දේශ, විදේශ රැකියා, ක්‍රීඩා අමාත්‍යාංශය මගින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට භාරදුන් නමුත් තවමත් තමාගේ නමින් බිල්පත් නිකුත් කරන බවට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ චෝදනාවයි.

    අදාළ ලිපිය ඉදිරිපත් කරමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.

    “අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරන අයට මට අපහාස කිරීමට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මම මගේ නීතිඥවරුන්ට උපදෙස් දුන්නා. මට කොළඹ කිසිම නිවසක් අයිති නැහැ. මම 2019 දී භාර දුන් රජයේ නිවසේ බිල්පත් සඳහා මම වගකියන්නේ නැත. බිල්පත් නොගෙවන්නේ නම් දැන් එම නිවසේ සිටින ඇමතිවරයා වගකිව යුතුය.” යනුවෙන් මන්ත්‍රීවරයා පවසා සිටියි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img