තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දශක 4ක් තිස්සේ මෙරට තුළ සිඟා කෑ ඉන්දීයයා මියයයි

    දශක 4ක් තිස්සේ මෙරට තුළ සිඟා කෑ ඉන්දීයයා මියයයි

    දිවයිනේ විවිධ ස්ථානවල වසර 39 ක පමණ කාලයක් තිස්සේ සිගාකමින් ජීවත් වූ ඉන්දීය ජාතිකයෙකු පුත්තලම මූලික රෝහලේදී මිය ගොස් ඇත.

    මියගොස් ඇත්තේ වයස අවුරුදු 75 ක් පමණ වන සෙවනෝ රාමසාමි යන අයෙකු බවට හදුනා ගෙන ඇත.

    පුත්තලම නගරයේ සිගාකමින් සිට ඇති මිය ගොස් ඇති අය පසුගිය 08 වැනිදා හදිසියේම රෝගී වී ඇත.

    එම අවස්ථාවේදී නගරයේ සිටි අය ඔහුව ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. එදිනම ඔහු මිය ගොස් ඇත.

    මල සිරුර හදුනා ගැනීමට හෝ බාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් මිය ගොස් ඇති අය සතුව තිබූ බෑගයක් පරීක්ෂා කිරීමට රෝහල් සේවකයින් කටයුතු කර ඇත.

    එම අවස්ථාවේදී අනාවරණය වී ඇත්තේ මිය ගොස් සිටින්නේ ඉන්දීය ජාතිකයෙකු බවය.

    1983 වර්ෂයේ මෙරටට පැමිණ ඇති හෙතම දිවයිනේ විවිධ ස්ථානවල සිගාකමින් ජීවත් වී ඇති බවද අනාවරණය වී ඇත.

    නුවරඑළිය – කොටගල සිට ඔහු පසුගිය 03 වැනිදා පුත්තලමට පැමිණ ඇති බවද පොලීසිය මේ වන විට අනාවරණය කර ගෙන ඇත.

    ජුඩ් සමන්ත

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img