අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පළාත් බාලිකා පාසල් 10ක් ජාතික පාසල් බවට පත්කර තිබේ.
බෙලිඅත්ත පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා විද්‍යාලය, බිබිල යශෝධරා බාලිකා විද්‍යාලය, දොම්පේ දේවි බාලිකා විද්‍යාලය, කල්මුණේ මහමුද් කාන්තා විද්‍යාලය, කැකිරාව විද්‍යාර්ථ මහා විද්‍යාලය, කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය, හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලය, පේදුරුතුඩුව මෙතෝදිස්ත උසස් බාලිකා විද්‍යාලය, දංකොටුව බෞද්ධ බාලිකා විද්‍යාලය, වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලය මෙසේ ජාතික පාසල් අතරට අද සිට එක්වන පාසල්ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන “සෞභාග්‍යයේ දැක්ම” පෙරදැරිව ජාතික පාසල් දහසක් වැඩසටහන යටතේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පාසල් දහයක් ජාතික පාසල් බවට පත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
ජාතික පාසල් ගොන්නට මෙම පාසල් 10 එක්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජාතික පාසල් සංඛ්‍යාව 495 දක්වා වැඩිවේ.