ඉපලෝගම කුංචිකුලම ගම්මානයේ පදිංචි 13 හැවරදි දැරියක් ජය ගඟේ ඉවුරේ ඇති ගසකට නැගී සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටියදී ගඟට වැටී අතුරුදන් වී ඇත.
කුංචිකුලමේ පදිංචිව සිටි මෙම දැරිවිය මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ඊයේ සවස් කාලයේදීය. ඇය සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සෝදිසියක් දියත් කළද මෙතෙක් එම දැරිවියගේ සිරුර සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත.
පොලිස් ජීවිතාරත්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් දැරිවිය සොයා සොදිසිකිරීම් කරන බව ඉපලෝගම පොලීසිය සඳහන් කරයි.