සත්වෝද්‍යාන හා සෆාරි උද්‍යාන නැරඹීම සඳහා මෙතෙක් අයකල ගාස්තු සියයට 25 ත් 82 ත් අතර ප්‍රමාණයකින් අද සිට ඉහළ නංවා ඇත.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යාන සහ රිදීගම සෆාරි උද්‍යානය යන ස්ථාන නැරඹුම් ගාස්තු මෙසේ ඉහළ දමා තිබේ.
මෙම ගාස්තු සංශෝධනය සිදුව ඇත්තේ 2017 වසරින් පසුව බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සතුන්ගේ නඩත්තු වියදම් ඉහළයාම, විදේශ විනිමය අනුපාතිකයේ මතුව ඇති ගැටලු ඇතුළු කරුණු රැසක් මුල්කරගනිමින් මෙම ගාස්තු වැඩිවීම සිදුව ඇත්තේ මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුවය.
