ප්‍රාදේශීය මාධ්‍යවේදී මුරුගුපිල්ලේ කොකුලතාසන් අද ඇප මත මුදාහැර ඇතැයි වාර්තා වේ.
ඒ වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.
ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 470කට අධික කාලයක් රැඳවුම් භාරයේ සිට ඇත.
ප්‍රාදේශීය මාධ්‍යවේදී මුරුගුපිල්ලේ කොකුලතාසන් 2020 නොවැම්බර් මාසයේ සිට රඳවා තබාගෙන තිබුණේ හිටපු එල්ටීටීඊ නායකයාගේ ඡායාරූප සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මුදාහැරීම බව පැවසිණ.
මේ සම්බන්ධයෙන් මේ දිනවල පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේගේ වාර්තාවේදී සඳහන් වී තිබුණි.