තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මත්තලටත් ආ යුක්රේනයේ 'සිහිනය' රුසියානු ප්‍රහාරයකින් විනාසයි

    මත්තලටත් ආ යුක්රේනයේ ‘සිහිනය’ රුසියානු ප්‍රහාරයකින් විනාසයි

    මෙරට මත්තල ගුවන්තොටුපළට ද වරක් පැමිණි ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන යුක්රේනයේ නිෂ්පාදිත Antonov-225 Mriya, හොස්ටොමෙල් ගුවන් තොටුපළට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් පිළිස්සී ගොස් තිබේ.

    මේ බව යුක්‍රේන රාජ්‍ය අවි නිෂ්පාදන සමාගමක් වන උක්‍රොබොරොන්ප්‍රොම් අද ප්‍රකාශ කළේය.

    “රුසියානු ආක්‍රමණිකයන් යුක්‍රේන ගුවන් සේවයේ ප්‍රමුඛයා වන ජනප්‍රිය An-225 Mriya විනාශ කළා එය සිදු වූයේ ක්යිව් අසල හොස්ටොමෙල් හි ඇන්ටනොව් ගුවන් තොටුපළේදී ය,” උක්‍රොබොරොන්ප්‍රොම් සිය ෆේස්බුක් පිටුවේ පැවසීය.

    ගුවන් යානය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඩොලර් බිලියන 3 කට වඩා වැඩි මුදලක් වැය වන බවත් දිගු කාලයක් ගතවනු ඇති බවත් එහි සඳහන් විය.

    මෙම වර්ගයේ මෙවැනි යානයක් ඇත්තේ Mriya යානය පමණක්ම බව ද එරට වාර්තාවල දැක්වේ.

    Mriya නමැති ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය 2018 අප්‍රේල් මාසයේදී ඉන්ධන ලබාගැනීම සඳහා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබස්වා සේවා ලබාගෙන තිබුණි.

    යානය පිළිස්සීම පිළිබඳ යුක්රේන විදේශ ඇමතිවරයා තැබූ සටහනක්.


    මෙම ගුවන් යානය 2018 වසරේදී මෙරටට පැමිණ මත්තල ගුවන්තොටුපලට ගොඩබස්වා තිබූ අයුරු.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img