fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාස දෙකට සංචාරකයින් 165,000 පනී

    මාස දෙකට සංචාරකයින් 165,000 පනී

    මෙම වසරේ මුල් මාස දෙකේදී පමණක් සංචාරකයින් 165,000 කට අධික පිරිසක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්තයන් පෙන්වා දෙයි.

    ජනවාරි මාසයේදී සංචාරකයින් 82,327 දෙනෙක් පැමිණ ඇති අතර පෙබරවාරි මාසයේදී පැමිණ ඇති සංචාරකයින් 82,600 කට වැඩි පිරිසක් මෙරටට පැමිණ තිබේ.

    මෙම මාස දෙක තුළ වැඩියෙන්ම මෙරටට පැමිණ ඇත්තේ රුසියානුවන්ය. එම ගණන පෙබරවාරි 24 වෙනිදා වන විට 26,597 දෙනෙකි. දෙවැනියට මෙරටට සංචාරකයින් ලෙස පැමිණ ඇත්තේ ඉන්දියානුවන්ය. එම ගණන 22,304 දෙනෙකි. තුන්වැනියට වැඩිම පිරිසක් මෙරට සංචාරය සඳහා පැමිණ ඇත්තේ එක්සත් රාජධානයෙන්වන අතර පැමිණ ඇති සංචාරකයින් ගණන 16,638 දෙනෙකි. සිව්වැනි තැනට වැඩියෙන්ම මෙරටට පැමිණ ඇත්තේ යුක්රේන් ජාතික සංචාරකයින්ය. එම ගණන 122,979 දෙනෙකි.

    මේ වන විට යුක්රේනයේ පවතින යුදමය තත්ත්වය මත මෙරට සංචාරයේ පැමිණ යුක්රෙන් ජාතිකයන් 4000 කට වැඩි පිරිසක් වීසා කාලය අවසන්ව යුක්රේනයට යාමට නොහැකිව සිටින මෙරට රැදී සිටිති. ඒ අයගේ වීසා කාලය දීර්ඝ කිරීමට සංචාරක අමාත්‍යාංශයේ අවධානය මේ වන විට යොමුව ඇති අතර ඒ සම්බන්ධයෙන් තීන්දුවක් කැබිනට් රැස්වීමේදී ගැනීමටද නියමිතව ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.